latest articles

Chat, Games & Avatars in 3D. Play, Meet People, Have Fun

           ආහ්..කොහොමද කට්ටියට? වෙනදා හිටපු විදිහටම මමත් ඔන්න ඔහේ ඉතින් ඉන්නවා. මම අද කියන්න යන්නේ එක පාරක් ගැහුවොත් ආපහු ගහන්න හිතේන, වෙන මොකක්වත් නෙමේයි අනේ Game එකක්  Game එකක්. මෙකේ නම imvu



         අනේ මන්දා බොලවු මෙක  ඇත්තටම Game එකක්ද කියලත් කියන්න දන්නෙ නෑ, එ මොකද දන්නවද? මේකේ අපිට අපි වගේම හරි වෙන කැමති ඕනම විදිහේ 3D ආකෘතියක් හදාගන්න පුලුවන් ( එ කිවුවේ 3D Avatar එකක් එහෙමත් තෙරුනේ නැත්තන් 3D මනුස්සයේක් එහෙම කියලත් තේරුනේ නැත්තන් #@)%*@$^......මම එ කිවුවේ වෙන මුකුත් නෙමේයි SORRY.COM කියලා හරිද ) ...කොතනින්ද නැවැත්තුවේ..ආහ්..3D ආකෘතියක් කියන තැනින් නෙද?..ඔව් ඔන්න ඉතින් එකත් හදා ගත්තම අපිට පුලුවන් එක එක තැන් වලට යන්න ( Park, Night Club, සාමන්‍ය ජිවිතේ අපි යන එන හැමතැනකටම වගේ යන්න පුලුවන්, එකේ Membersලා හදපු එක එක ජාතියේ Chat Rooms වගේ ඔනම තැනකට, එවට එකේ පොදුවේ කියන්නෙ Chat Rooms කියලා) කොහොම හරි ඉලගට එකටත් ගියා කියමුකො, අපි වගේම යන එන මගක් නැති වුන කොල්ලො කෙල්ලො මිලියන 3ක් ඔන වෙලාවක Online ඉන්නවලු ( උන්මයි කියන්නේ මම නෙමේයි, තව මේකේ Membersලා මිලියන 4කට වඩා ඉන්නවා කියලත් කියනවා ) ඔය ඔක්කොම කලාට පස්සේ Chat කරන්න තමයි තියෙන්නේ, ආහ්..Chat කරනවා විතරක් නෙමේයි අපිට පුලුවන් අපේ Moods පෙන්නන්න, Kiss කරන්න ( අනේ අනේ ලැජ්ජයි වගේ ඔයි!!! ) හරි හරි එකට අකමැතිනන් කනට ගහන්නත් පුලුවන්, අතට අත දෙන්න, ආදරේ ප්‍රකාශ කරන්න, ඔය වගේ ගොඩක් දේවල් පුලුවන්.





වැඩි කතා ඔනේ නෑ අපි imvu Site එකට ගිහින් මෙක සල්ලි දිල හරි Free හරි Download කරගේන අත්හදා බලමු නෙද?








මෙන්න Link එක

Read more

New Gadget for phone cams From Sony !!!

ඔන්න හා හා පුරා කියලා මගේ 1 ස්ට් post එක . මුලින්ම Nipun සහෝ ගේ ආරාධනය ගැන Thanx වෙන්න ඕන ඇ. හරි හරි කතාව පටන් ගමු / මම මේ කියනේ Sony කොම්පැනියේ අස්සෙන් රිංගපු පොඩි ගැජට් එකක් ගැන . තමා නම් ඇවිල්ල නැ , දැනගෙන තියාගන්න.




අපේ අයියලා , නංගිලා, මල්ලිලා ඉනවානේ ෆට්ට ෆට්ට SMART PHONE පාවිච්චි කොරන අය , ඒවායේ එනවනේ ෆට්ට ෆට්ට කැමරා , අන්න   ඒ කැමරා ඔකොම කුඩු වෙලා යන ගැජට් එකක් ගැන තමා මම මේ කියනේ . ඔය කැමරා වල  ලොකු ලොකු pixel ගණන් තිබ්බට වැඩක් නැ lens එක චොර නම් . ( නොදන්න නංගිලා අහගන්න) colours හරි නැ, Zoom කලාම Quality නැ, දඩස් ගාල ෆොටෝ එක වදින්නේ නැ, Focus වෙන්නේ නැ වගේ ලෝකේ නැති ලෙඩ තියනවනේ ( ඉතින් කැමරාවක් ගන්නවා කෝ ඔයි) පිස්සුද කැමරා ගන්න එපා . Sony කොම්පැනියේ මේ  ගජට් එකෙන් ඔය ඔකොටම විසදුමක් දෙනවා . 

මේක සාමාන්‍ය කැමරාවක  lens වගේ පෙනුනට මේකේ Built-in sensor එකක් ,  Bionz processor එකක් හා Manually  Zoom කොරන්න පුළුවන් විදිහට (ඒ කියන්නේ කැමරාවක්ම තමා )  තාම හදලා තියෙනෙ. lens එක   magnetically phone එකට set වෙනවා ඒ වගේම Wifi/NFC වලින් තමා phone එකට connect වෙන්නේ (NFC කියන්නේ wifi වගේ එකක් හොදේ ) වෙනදා වගේ නෙමෙයි phone එකෙන් වැඩ දාල controls හදන්නත් පුලුවන්. phone වලට විතරක් නෙමෙයි  tablet වලටත් මේක වැඩ . Android and iOS වලට තමා මේක තියෙනෙ (windows phone වලට  තමා නැ ) මේක කලින් ආපු නැති අලුත් ගැජට් එකක් , iphone & Android lens kit වලට වඩා සුපිරියට මේකෙන් photo ගහන්න පුළුවන් .ආවහම කට්ටිය අරන් බලන්නකො බොරුද කියලා . මේක වර්ග 2 කින් එයි , එකෙන් Carl zeiss  lens එකක් එක්ක CMOS sensor ඒක එන  ඒක වඩා හොදයි (දන්න හින්ද කියන්නේ ). හා තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේකේ නම තමා Sony DSC-QX10 සහ DSC-QX100 (model එක හොදේ).



හරි ඔන්න කතාව ඉවරයි , අපිව  දිරි ගන්වන්නට comment ඒකක් දාලම යන්න හොදේ . nio tv එකෙන් අලුත් දෙයක් ගත්තනම් එයයි අපේ සතුට.. මතක ඇතුව ඕන දෙයක් comment කොරල යන්න හොදේ . (අපිත් තමා ඉගෙන ගනවනේ )
Read more

iPad slap on the face

හරි ඔන්න කට්ටියට බලන්න අලුත් ජෝක් විඩියෝ එකක් (ජෝක් කිව්වට ජෝක්මත් නෙමේ ඒත් ඉතින් ඒ වගේ තමා). එහෙනම් ඉතින් බලලම ඉන්ටකො





කොහොමද පාර ආ??  ඒ උනාට කමක් නෑ කට්ටිය මේවා ඉතිං කරන්න එහෙම යන්න ඕනි නෑ..........
හිනා ගියා නම් ඉතිං කොමෙන්ට් එකක් එහෙම දාලා යන්ටකෝ.

Read more

Dave's beatbox videos ( Must watch )

      මෙන්න ගේනාවා සුපිරි Dubstep Beatbox Video වගයක් දන්නවා ඇතිනේ  Beatbox කියන්නේ මොකක්ද කියලා. ලංකාවෙනන් ඉතින් ඕකට හපනෙක්ට ඉන්නේ අපේ ඉරාජ් අයියා තමයි. මේ පෙන්නන්න යන වැඩකාරයගේ නම Dave Crowe. ඔහු සැබෑම හපනෙක් මේ වැඩේට. බලලම ඉන්නකො,

මේ ඉන්නේ එ සුපිරි වැඩකරු, වෙන කවුරුත් නෙමේයි Dave Crowe



මේ යටින් තියෙන්නේ එයාගේ Beatbox Video ටිකක්. බලන්නකො බලලම කියන්නකො හොදයිද කියලා.








කොහොමද? සුපිරි නේද? හරි හරි දැන් එහේනන් කොමේන්ට් එකක් එහෙම දාලම යන්න හරිද?
Read more

Wanna Be Famous - Gappiya


              මචංලා ඔන්න අද මම පොඩි Jok Video එකක් පෙන්නන්න හදන්නේ ඔගොල්ලන්ට ( Jok VIdeo එකක් කිවුවට මෙක Music Video එකක්ද මන්ද බොලවු)මෙක මට පෙන්නුවේ මගේ ලගම, හිතවත්, අවංක බුදු Fit එකක් එයානන් මේ Video එක මොනවා හිතල පෙන්නුවද දන්නේනම් නැ මට... එත් මටනන් හිතෙන්නේ මෙක මරු Video එකක් සිරාවට කරල තියනවා. සිරා කතාව කියලා තියෙන්නේ, මෙක බලලම ඉන්නකො...





මටත් ඕනේ රැප් කරන්න, පොරක් වෙන්න, ෆේමස් වෙන්න...

Read more

Sri lankan first O/L Song




                     මෙන්න කොල්ලනේ / කෙල්ලනෙ අලුත් වැඩක් ( අලුත් කිවුවට මාස 3ක් 4ක් පරණයි, එක වෙනම කතාවක් )

ඔන්න ඉතින් ඔය යටින් තියන සින්දුව අහලම ඉමුකො...........






බැලුවද? 

      මේ...... බැලුවේ නැත්තන් බලපල්ලා..හරිද... මන් දරුනුයි හොදේ...
නෑ නෑ මචන්ලා මන් අර විහිලුවක් වගේ Jok එකක් කොරේ ගනන් ගන්න එපා..බැලුවේ නැත්තන් මේක කියවලා ඉවර කොරලා හරි බලහල්ලකො. මෙක මෙච්චර බලන්න කියන්නේ... යකෝ මෙකේ Video එක කොලේ කෙහෙල් කැන් කපලා කුනුකොල්ලෙට විකුණලා යකො..සිරා කතාව කිවුවේ හිනා නෙමේයි යකො.

     දැන් බලයි මු කොහොමද මේක ගැන මෙච්චර දන්නේ කියලා.මෙකයි මෙකේ රූප රචනාව කලේ මමනේ ( රූප රචනාව කිවුවේ Video එක යකො ).එහෙනන්, බලපු නැති වුනුත් බලලා Comment එකක් එහෙම දාලා හොද නරක කියලා යනවනන් මැනවී....





මෙතනින් Download කරගත්තනන් නරකද? 




Read more

How to catch a phone thiefs ? ( For Xperia )



ඔන්න යලුවනේ ඉතින් මන් මේ ලැස්ති වෙන්නේ අපේ Site එකේ කුළුදුල් Post  එක මේ අවකාශයට මුදාහරින්න ( ඔව් ඔව් බන් පලවෙනි Post එක දාන්න යන්නේ, මගෙත් මහ බයිල තියෙන්නෙ, නැතුව ඉතින් ඉස්සරහට යන්නත් අමරුයි නොවැ )








                     දැන් ඔයගොල්ලො බලනව ඇති මං මේ මොන යකාටද එන්න යන්නේ කියල. නෑ නෑ මේ යක්කු නෙමේයි Phone හොරු අල්ලන්න යන්නේ, කෙලින්ම එහෙනන් කතාවට බහිමු. මෙකයි වැඩෙ...

                    අනේ ඉතින් තමන් පන වගේ පරිස්සන්  කරන Xperia Phone එක නැති උනොත් වහබොන්න හිතෙනව නෙද,( මේ Xperia Phone Commercial එකක් නෙමෙයි හරිද, එහෙම කිවුවේ මේ වැඩෙ කරන්න පුලුවන් Xperia Phone වලට විතරක් නිසා ) මාත් ඉතින් පාවිච්චි කරන්නේ  Xperia Phone එකක් මාත් මේ App එක දාගත්තා වැඩෙනන් අති සාර්ථකයි.මෙකෙන් වෙන්නේ අපේ මේ  Xperia Phone එක කවුරුහරි ඉස්සුවොත් ( එ කියන්නේ හොරකන් කරොත් ) එ හොර තක්කඩියා එකෙන් Internet ගිය ගමන් අපිට එ හොරා ඉන්න තැන ඩොටටම බලාගන්න පුලුවන් එ වගෙම Sound Alert ක්‍රියාත්මක කරන්නද, Phone එක Lock කරන්නද, තමන්ගේ පෞද්ගලික දත්ත Delete කරන්නද හැකියාව තියනවා.


මේ App එකේ නම තමයි My Xperia


එහෙනන් අපි බලමු මචන්ලා කොහොමද මේක කොරන්නේ කියල

 මුලින්ම මේ App එක Install කරන්න කලින් Settings > Security ගිහින් එකේ තියන Unknown Sources කියන එකට හරියක් දාලද බලන්න තියෙන්නේ, ආ...දාලා නැත්තන් දාගන්න. ( හරි ලකුණ )

දැන් ඔයගොල්ලො මේ My Xperia App එක Download කරගන්න යට තියන Download Button එකෙන්, වැඩිය නැ බන් 2.92 MB ඔකට ලොබ වෙන්න එපා බොලවු ( නෑ එහෙම එවුන් ඉන්නවා එකයි කිවුවේ, තොප්පිය හරිනන් දාගත්තට කමක් නෑ මං තරහා නෑ බන් )


          දැන් ඉතින් මොනවද බන් බලන් ඉන්නේ ඔය Download කරපු App එක Phone එකේ Memory එකට Copy කරගනින්

              එත් පොඩි ප්‍රශ්නයක් තියනවනේ බන් ඔක Phone එකට Copy  කලාට Install කරගන්න බෑනේ, අඩුම ගානේ Copy කරපු App එක පෙන්නන්නෙවත් නෑනේ බන් ( දැන් ඉතින් මට බනින්න එපා බන් කියල දෙන්නන්, Be Cool... Be Cool ), එක නිසා දැන් Play Store ගිහින් App Installer කියන App එක Downlaod කරගෙන Install කරගන්න.




දැන් App Installer Open කරාට පස්සේ පෙන්නයි My Xperia කියල App එකක් දැන් එක Install කරන්න.


   


ඔය App එක Install කරාට මදිනේ. ඕක Activate කරගන්න ඔනෙනේ, එක නිසා දැන් Settings > Xperia ගිහින් My Xperia තොරාගන්න. 


දැන් තියෙන්නේ ඉතින් ඕකේ තියන Activate බොත්තම ඔබන්න


ඔන්න දැන් Activate වුනා නේද මේ විදිහට.




දැන් ඉතින් කොරන්න තියෙන්නේ මෙච්චරයි. යට තියන Link එක ඔබලා My Xperia වෙබ් පිටුවට යන්න. ඊට පස්සේ තමන්ගේ Xperia Phone එකට දුන්න E-mail ලිපිනයෙන් Log වෙලා අර මන් කිවුව වැඩෙ කරගන්න.( වැඩෙ කිවුවේ අර හොරු අල්ලන වැඩෙ අනේ..)



හුරේ මෙන්න මන් මගේ Phone  එක තියන තැන හොයාගත්තා...











Read more